යුරෝපයේ ලැව්ගිනි තත්ත්වය උත්සන්න වෙයි

යුරෝපයේ ලැව්ගිනි තත්වය වඩාත් උත්සන්න වී ඇති අතර මේ වන විට රටවල් රැසකට මෙම ලැව්ගිනි පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශය, ස්පාඤ්ඤය, ක්‍රොඒෂියාව, පෘතුගාලය සහ ග්‍රීසිය යන රටවලින් ලැව්ගිනි වාර්තා වී තිබේ.

ලැව්ගිනි හේතුවෙන් ප්‍රංශයේ 14,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ප්‍රදේශවලට ඉවත් කර ගැනීමට එරට රජය පියවර ගෙන ඇති අතර ස්පාඤ්ඤයේ තුන්දහසකට වැඩි පිරිසක් ඉවත් කරගෙන ඇත.

යුරෝපයට මේ දිනවල බලපා ඇති උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් ලැව්ගිනි වේගයෙන් ව්‍යාප්තවන බව සදහන් වේ.

ප්‍රංශයෙන් අද සහ හෙට යන දිනවල සෙල්සියස් අංශක 41ක උශ්ණත්වයක් පවතිනු ඇති බව කාලගුණ බලධාරීන් පවසයි.

පෘතුගාලයෙන් පසුගියදා සෙල්සියස් අංශක 47ක උශ්ණත්වයක් වාර්තා විය.

ඒ හේතුවෙන් පසුගිය සතිය පුද්ගලයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව පෘතුගාල රජය පවසයි. මියගිය බොහෝ දෙනා වැඩිහිටි පුද්ගලයින්වේ.

මේ අතර බ්‍රිතාන්‍ය රජයද එරට ජනතාවට උණුසුම් කාළගුණ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.