රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ අද (18) සිට නැවතත් හදිසි නීතිය බලාත්මක කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවරී ඇති බලතල ප්‍රකාරව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (17) රාත්‍රියේ නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.