පාඨලීගේ නඩුව අගෝස්තු 31වැනි දා යළි කැඳවේ

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයකු රිය අනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවට අදාළව, එය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කර තිබෙන මූලික විරෝධතාව පිළිබඳව කරුණු දැක්වීමට එම නඩුව අගෝස්තු මස 31 වන දා යළි කැඳවන බව කොළඹ මහාධිකරණය නියම කළා.
ඒ අදාළ නඩුව අද (18) කැඳ වූ අවස්ථාවේ දී යි.
නඩුව අද කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කියා සිටියේ, අදාළ නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව අදාළ මූලික විරෝධතා අගෝස්තු මස 31 වන දාට ලිඛිතව ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළා.
කෙසේ නමුත් විනිසුරු නාමල් බලල්ලේ නියෝග කර සිටියේ, රටේ වර්තමාන තත්ත්වය හේතු කොට ගෙන මීළඟ දිනයේ විත්තිකාර මන්ත්‍රීවරයාට අධිකරණය හමුවේ පෙනී සිටීම අනවශ්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published.