දිවයිනට පැමිණි ඉන්ධන බෙදා හැරෙන්නේ මෙහෙමයි

කොළඹ වරායට පැමිණ ඇති ඩීසල් නෞකා 2ක් මේ වනවිට ඉන්ධන ගොඩබෑම අවසන් කරමින් සිටින බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එසේ ම, තව ත් නෞකාවකින් ගෙන ආ ඩීසල් තොගයක් ගොඩබෑමට නියමිතව ඇති බව ඔහු එහි සඳහන් කර ඇත.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම මගින් හෙට (ජූලි 19) දිනයේ ප්‍රාදේශීය ඩිපෝ වෙත බෙදා හැරීමට නියමිත බව ය.

මේ අතර, දිවයිනට පැමිණ ඇති පෙට්‍රල් නෞකාවේ අඩංගු පෙට්‍රල්, තත්ත්ව පරීක්ෂාවට භාජනය කරමින් සිටින බව අමාත්‍යවරයා පවසයි.

ඔහු වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, එම කටයුතු අවසන් වූ පසුව අදාළ නෞකාවේ අඩංගු පෙට්‍රල් ගොඩබෑමේ කටයුතු හෙට (ජූලි 19) දිනයේදී ආරම්භ කෙරෙන බව ය.

Leave a Reply

Your email address will not be published.