පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සදහා දෛනික ඉන්ධන සැපයුම අඛන්ඩව සිදු කරන්නේ නම් අඩු කළ ඉන්ධන මිල සහනය ජනතාවට ලබාදීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ දැනට ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණද එම සැපයුම ප්‍රමාණවත් නොවන බවයි.
ලංගම හරහා ලබාදෙන ඉන්ධන මඟින් ධාවනයට එක් කළ හැකි වන්නේ බස් රථ 1,500 ත් 2,000 ත් අතර බස් රථ සංඛ්‍යාවක් පමණක් වන අතර, පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට කඩිනමින් විකල්ප වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින බව ඔහු පෙන්වා දෙනවා.
මේ අතර සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවම ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහත දමන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළ බව එම සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත කියා සිටියා.
2022-07-19