කොවිඩ් යළි හිස එසවීමේ අවධානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි
වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා ප්‍රකාශ කරන්නේ මේ වන විට ගෝලීයව නව කොවිඩ් අනු ප්‍රභේද වාර්තා වීම ඉහළ ගොස් ඇති බැවින් ලංකාවට ද බලපෑම් සිදු විය හැකි බවයි
මේ වන විට දෛනිකව රට තුළ කොවිඩ් රෝගීන් 30 -40 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බව ද අනාවරණය වී තිබෙයි
සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් නියමිත එන්නත් මාත්‍රා ලබා ගනිමින් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි