කඩදාසි හිඟයෙන් දුමිරිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණයට බාධා

දුම්රිය සඳහා වැඩි ඉල්ලුමක් පවතින මෙම අවස්ථාවේ කඩදාසි හිඟ වීමත් සමඟ දුම්රිය ප්‍රවේශ පත්‍රවල තොග අවසන් වී ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
ඒ පිළිබඳ රජය නිසි අවධානයක් යොමු කර නොමැති බවයි ඔවුන් චෝදනා කළේ.
එබැවින් දිනපතා දුම්රිය භාවිත කරන්නේ නම් වාර ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා ලෙස දුම්රිය ස්ථානාධිපති සංගමය මගීන්ට දැනුම් දෙනවා.
මේ අතර, කාර්යාලීය කටයුතු සම්පූර්ණයෙන්ම කඩදාසි භාවිතය සිදු නොකරන පළමු දෙපාර්තමේන්තුව බවට රේගු දෙපාර්තමේන්තුව පත්ව තිබෙනවා.
එය නිල වශයෙන් ආරම්භ කිරීම හෙට සිදු වන අතර මේ හරහා දෙපාර්තමේන්තුවට කඩදාසි ඇතුළු ද්‍රව්‍ය මිලදී ගැනීමට වාර්ෂිකව වැයවන රුපියල් මිලියන 22ක් ඉක්මවූ මුදල ඉතිරි කර ගැනීමට හැකි වන බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය කියා සිටියේ.
නව ක්‍රමවේදයට අනුව ස්වයංක්‍රීය පරිගණක පද්ධතියක් හරහා කාර්යාලීය කටයුතු සිදු කරන අතර එම සියලු මෙහෙයුම් ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු තාක්ෂණ නිලධාරින් විසින් සිදු කිරීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published.