බටහිර අප්‍රිකාවෙන් හමුවූ මාබර්ග් ආසාධිතයන් දෙදෙනා මරුට

ඉබෝලා වෛරසයට සමාන මාබර්ග් වෛයිරසය වැළදුණු දෙදෙනෙකු බටහිර අප්‍රිකාවේ පිහිටි ගානා රාජ්‍යයෙන් හමු වී තිබෙනවා.

මොවුන් දෙදෙනා මියගොස් ඇති අතර, රසායනාගාර වාර්තා මගින් තහවුරු වී ඇත්තේ මාබර්ග් වෛයිරසය හේතුවෙන් ඔවුන් මිය ගොස් ඇති බවයි.

බටහිර අප්‍රිකානු රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ, මේ හේතුවෙන් පුද්ගලයින් 98 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි.

මෙම වෛරසය සඳහා තවමත් ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ.

Leave a Reply

Your email address will not be published.