නීති විරෝධී මත්පැන් පෙරමින් සිටි කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනෙකු STF දැලේ

විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටළීමකින් නීති විරෝධී මත්පැන් පෙරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට පත් වී තිබෙනවා.
ඒ, ඊයේ (18) දිනයේ දී සිදු කළ වැටළීමකින්.
එහි දී නීති විරෝධී මත්පැන් (කසිප්පු) ලීටර් 326යි මිලි ලීටර් 250ක්, මත්පැන් පෙරීම සඳහා යොදා ගනු ලබන ගෝඩා ලීටර් 805ක්, තඹ දඟර 12ක් හා යකඩ බැරල් 30ක් හමු වූ බව සඳහන්.
සැකකකරුවන් ජා ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක කාන්තාවක් හා ගිණිගත්හේන සහ ගලහ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27ක හා 32ක පුද්ගලයන් දෙදෙනෙක්.
වැඩිදුර විමර්ශන කටයුතු ජා ඇල පොලිසිය විසින් මෙහෙයවනු ඇති.

Leave a Reply

Your email address will not be published.