නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකදී, කච්චතිව් දූපත අසල මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 30 ක (තෙත බර සහිතව) පමණ තොගයක් ඊයේ (18) සොයා ගැනීමට හැකි වී තිබෙයි.
මෙලෙස හමු වූ කේරළ ගංජා තොගය පාර්සල් 09 ක අසුරා තිබූ බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා මෙලෙස අතහැර දමන්නට ඇතැයි සැකකෙරෙන අතර, මෙම කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 9 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.
තවද, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.