ආර්ථික අර්බුදය සලකා ශ්‍රී ලංකා රජය සමඟ යළි සාකච්ඡා කරනවා

ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා රජය සමඟ යළි සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

එම මූල්‍ය අරමුදල (IMF) මේ වනවිටත් ශ්‍රී ලංකා රජයේ තාක්ෂණික මට්ටමේ නිලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බවත් ඉහළ මට්ටමේ නිලධාරීන් සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගැරී රයිස් මහතා පවසයි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන වැඩසටහනක් සම්බන්ධයෙන් සාකච්ඡා යළි ඇරඹීම වෙනුවෙන් වත්මන් තත්ත්වයේ සමනය වීමක් බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබේ. එසේම ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.