පොලීසියෙන් සියලුම ජනතාවට නිවේදනයක්

මහජනයා බියවැද්දවිය හැකි, කැළඹිය හැකි හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතුවිය හැකි කිසිදු ප්‍රකාශයක් සිදුනොකරන ලෙස පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට දැනුම්දෙයි.

එහි දැක්වෙන්නේ කටකතාවක්, අසත්‍ය ප්‍රකාශයක් හෝ පින්තූරයක් ඩිජිටල් ක්‍රමයකින් හෝ සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් කවර ක්‍රමයකින් සන්නිවේදනය කිරීම හෝ පැතිරවීම සිදුනොකළ යුතු බවය.

එලෙස වැරදි කරන පුද්ගලයින්ට එරෙහිව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙන බවද පොලීසිය දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published.