විමල් , උදය ඇතුළු ස්වාධීන වු කණ්ඩායම් ඩලස්ට ඡන්දය දෙන්න තීරණය කරයි

හෙට පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ඡන්දය දීමට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ස්වාධීන කණ්ඩායම තීරණය කර තිබෙනවා.

එහි නියෝජිතයන් කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කළේ.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ සජිත් ප්‍රේමදාස තමන්ගේ පෞද්ගලික ඕනෑකමට වඩා රට ගැන සිතා මේ වෙලාවේ මෙම තත්ත්වය විසින් ඉල්ලන හැසිරීම ලබා දීමට පියවර ගැනීම ගැන ස්තුතී වන බවයි.

එමෙන්ම හෙට ඩලස් අලහප්පෙරුම ජනාධිපති වන විට එම ආණඩුවේ සජිත් ප්‍රේමදාස බලවත් තනතුරක සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩි දුරටත් පවසා සිටියා.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා දිම පිළිබඳ අද පස්වරුවේ හෝ හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව එහි නායක ආර්. සම්බන්ධන් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.