පවතින ආර්ථික අර්බුදය හමුවේ බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් සඳහා මාස හයක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා ඇත.
ඒ අනුව මෙම සහනයන් ඒ ඒ පුද්ගලයන්ගේ අනාගත ණය ආපසු ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපාර/ව්‍යාපෘතිවල ශක්‍යතාව මත පදනම්ව අවස්ථානුකුලව ලබා දෙනු ඇති
පවතින සාර්ව ආර්ථික අභියෝගයන් සහ අමතර සහන සපයන ලෙස රාජ්‍ය ආයතන ඇතුළු පාර්ශවකරුවන් රැසක් විසින් කරන ලද ඉල්ලීම් එනම්, සංචාරක ක්ෂේත්රය ට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ට සහන සැපයීම දීර්ඝ කරන ලෙස ට වූ කැබිනට් මණ්ඩල තීරණ සැලකිල්ලට ගනිමින් මහබැංකුව විසින් මෙම තීරණය ගෙන තිබේ.
එකී සහනයන්ගේ ප්‍රධාන අංගයන් පහත සාරාංශ ගත කර ඇත.