අරගලකරුවන්ගේ ඉදිරි සැලසුම් ගැන කියයි

රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත්වන්නැයි බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට “නෝඩීල්ගම” පරිශ්‍රයේදී අරගලකරුවන් දෙදෙනෙකු ආරම්භ කළ මරාන්තික උපවාසය අද (20) ඔවුන් අවසන් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් පසුගිය 15 වනදා එම මරාන්තික උපවාසය ආරම්භ කර තිබුණි.

කෙසේවෙතත් ගාලු මුවදොර අරගලකරුවන් පවසන්නේ සිය අරමුණ ඉටුවන තෙක් අරගලය ඉදිරියට ගෙනයන බවය.

මේ අතර නව ජනාධිපතිවරයෙකු පත්කිරීම සඳහා ඡන්දය විමසන අතරතුර ගාලු මුවදොර අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක ද නිරතවුණි.

අද පාර්ලිමේන්තුවේ ඡන්ද විසමීමෙන් තේරීපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පළ කරමින් අරගලකරුවන් අද පස්වරුවේ ගාලු මුවදොර පරිශ්‍රය තුළ පාගමනක් ද සංවිධානය කර තිබුණි.

පසුව අරගලකරුවන් එම පරිශ්‍රයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබුණි.

රංගන ශිල්පී ජගත් මනුවර්ණ,

ජනතා අපේක්ෂා ඉටුකරන්න ඉල්ලීම් කරද්දී අරගලයේ ප්‍රධාන ඉල්ලීම් වුණේ ගෝඨාභය ගෙදර යැවීම හා රනිල් ගෙදර යැවීම. රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති කරවීම තුළ ඒ නිරූපණය වුණේ ජනතා අපේක්ෂාව නෙවෙයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,

අපි පිළිගන්නේ නැහැ රනිල් වික්‍රමසිංහව ජනාධිපති ලෙස. රනිල් එළවීමේ අරගලය ඉදිරියට යනවා.

Leave a Reply

Your email address will not be published.