මෙරට වායුගෝලීය ගුණාත්මක තත්ත්වයට බලපෑම් කළ ඉන්දියාවේ විස දුම් ඊසාන දිග සුළඟත් සමග ඉවතට පහව ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
200 AQI ට ආසන්න වූ වායු ගුණ තත්ත්වය අද (24) දින වන විට 50 AQI ට ආසන්න අගයන් දක්වා පහළ බැස තිබේ.
ඒ් අනුව, මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිරන්තරයෙන් යාවත්කාලීන කරන මෙරට වායු ගුණාත්මක දර්ශකයට අනුව, දිවයින පුරා වායු ගුණාත්මකභාවය සෞඛ්‍ය සම්පන්න යැයි සැලකෙන, නැතහොත් සෞඛ්‍යයට ඇති විය හැකි අවදානම නොසැලකිය හැකි මට්ටමට ළඟා වී තිබේ.
කෙසේ නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ බත්තරමුල්ල ප්‍රදේශයේ සුළු වායු දූෂණ මට්ටමක් එනම් 92 AQI ලෙස සඳහන් වේ.
එමෙන්ම බදුල්ල ඇල්ල ප්‍රදේශයේ වායු දුෂණය යම්කිසි ඉහළ මට්ටමක පවති.
එය සඳහන් වුයේ 119 AQI ලෙසය. එය අවදානම් සහිත සෞඛ්‍යමය බලපෑම් ඇති විය හැකි අගයකි.
පසුගිය දින කිහිපය පුරාම මෙරට වායු දුෂණය ඉතා ඉහළ මට්ටමක පැවතුණි.
විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේ දින කිහිපයක් පුරා වායු දුෂණයේ අගය 200 AQI මට්ටම දක්වා ඉහළ ගොස් තිබුණි.


