එළැඹෙන නොවැම්බර් 26 සහ 27 යන දෙදින තුළ එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තබන බව එම කාර්යාලය සිය x ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
මේ අතර, නොවැම්බර් 30 සඳුදා දින සිට කටයුතු යළි සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
තානාපති කාර්යාලය මෙසේ වසා තබනු ලබන්නේ එදිනට යෙදෙන ‘තුති පිදීමේ දිනය ‘ (Thanksgiving Day) නිමිත්තෙනි.


