ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තෝරා ගැනීම උදෙසා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ට ඉන්දියාව විසින් දේශපාලන මට්ටමෙන් බලපෑම් කිරීමට උත්සහ දරන ලද බවට පළ වන පුවත් පදනම් විරහිත සහ සම්පූර්ණයෙන්ම කාල්පනික මාධ්‍ය වාර්තා බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

මෙම පුවත තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය වන බව ද කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් සහ වටිනාකම්, ස්ථාපිත ආයතන මෙන්ම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන හරහා ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම උදෙසා ඉන්දියාව සහයෝගය ලබා දෙන බවට සහ ඉන්දියාව වෙනත් රටක අභ්‍යන්තර කරුණු සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට මැදිහත් නොවන බව ද ඔවුන් අවධාරණය කෙරේ.

Leave a Reply

Your email address will not be published.