ළිඳට පැන සියදිවි හානි කර ගැනිමට තැත් කළ මවක් සහ දියණියක් බේරා ගැනේ

තම මව විසින් ළිඳකට දැමූ තුන් හැවිරිදි දැරියකගේ සහ පසුව ළිඳට පැන දිවි නසාගැනීමට තැත් කළ මවගේ දිවි බේරාගැනීමට කරන්දෙණිය – බන්දුල සේනාධීර විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ඊයේ කටයුතු කළා.
නිවසේ ගැටලු හේතුවෙන් කරන්දෙණිය – කිරිනුගේ ප්‍රදේශයේ පදිංචි මව, දැරිය ළිඳට දමා ඇයද ඊට පැන දිවි නසාගැනීමට උත්සහ කර ඇති අතර, දැරියගේ කෑගැසීම ඇසුණු අසළ නිවසක කාන්තාවක් ඒ පිළිබඳව අදාළ සිසුන් දෙදෙනා දැනුවත් කර තිබෙනවා.
ඒ අනුවයි ඔවුන් ළිඳට පැන එහි වතුර මෝටරයට සවිකර තිබූ බටයෙහි එල්ලී සිටි කුඩා දැරිය පළමුව මුදාගෙන ඇත්තේ.
පොලිසිය ප්‍රකාශ කළේ දැරිය මේ වනවිට ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
මව ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published.