8 වන විධායක ජනපතිගේ පත්වීම සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙසට තෝරා පත් කර ගත් බවට වන අති විශේෂ ගැසට් නිවේදනය අද(20) නිකුත් කර තිබේ.

1981 අංක 2 දරන ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනතේ 17 වැනි වගන්තියට අනුව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත. 

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද තේරී පත්විය. ඒ, පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 52 ක් ලබා ගනිමින්ය. රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134ක් ලැබී තිබුණි. ඩලස් අලහප්පෙරුම මහතා ලබා ගත්තේ ඡන්ද 82 පමණි. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 03 ලබා ගත්තේය.

ජනාධිපති ලෙස තේරී පත් වූ වික්‍රමසිංහ මහතා හෙට (21) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.