‘ජාතික ඉන්ධන බලපත්‍රය’ ලබාදීම සදහා රජය විසින් නිල වශයෙන් හදුන්වාදී ඇති http://fuelpass.gov.lk හරහා පමණක් ලියාපදිචිය (QR කේතය ) ලබාගන්නා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර පුද්ගලික තොරතුරු එක්රැස් කිරීමට උත්සාහ කරන අනවසර වෙබ් අඩවි පිළිබඳව පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබද විමසිලිමත් වන ලෙස ද වැඩිදුරටත් එම ආයතනය මහජනතාවට දැනුම් දෙනු ලැබේ.