ධම්මික පෙරේරා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයෙක් ලෙස හැඳින්වෙන ධම්මික පෙරේරා පසුහිය ජුනි මස 22වැනි දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නා.

ඒ හිටපු මුදල් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුන සඳහායි.

අනතුරුව පසුගිය ජුනි මස 24 වැනි දා ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

ඔහු අමාත්‍ය ධුරය දැරූ අමාත්‍යංශය යටතට අයත් ආයතනයක් වන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා සැපයීම් කටයුතු වඩාත් කාර්‍යක්ෂම කිරීම සම්බ්න්ධයෙන් ද ඔහු වැඩි අවධානයක් යොමු කළ අතර විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාවා කොළඹින් බැහැර දිස්ත්‍රික්ක තුනක් වෙත ව්‍යාප්ත කිරීමට ද ඔහු කඩිනමින් කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published.