‘මගේ’ ගැන විමර්ශනයක් කරන්න! – හිටපු ඇමති නිමල් නව ජනපතිගෙන් ඉල්ලයි

තමා සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටිනවා.
ඒ බව ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අවසානයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින්.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ, වරාය සහ ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කළ සමය තුළ ඔහු විසින්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ කටයුතු සිදුකරන ජපාන ”තායිසේ” නම් සමාගමකින් කොමිස් මුදලක් ඉල්ලා සිටි බවට වූ චෝදනාව සඳහායි විමර්ශනයක් කරන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.
කෙසේ නමුත් අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන තුරු නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා ඔහු දැරූ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස් වූ අතර, අදාළ චෝදනාව සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කිරීම සඳහා හිටපු ජනපතිවරයා විසින් ඒ සඳහා කමිටුවක් ද පත් කිරීමට කටයුතු කළා.
ඉකුත් ජූලි 05 වැනි දා පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් වික්‍රමසිංහ විසින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාට අදාළ චෝදනාව කරමින් කියා සිටියේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ කටයුතු සිදුකරන ජපාන ”තායිසේ” නම් සමාගමකින් කොමිස් මුදලක් ඉල්ලූ බවටයි.

Leave a Reply

Your email address will not be published.