සඳුදා (25) විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ

ලබන 25 වන සඳුදා විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් පැතිරීමේ අවදානමක් නිරීක්ෂණය වන බැවින් මෙම පියවර ගෙන ඇති බවයි.

වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 43,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර පසුගිය ජුනි මාසය තුලදී පමණක් රෝගීන් 8000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

එබැවින් එළඹෙන 25 වන දින රජයේ සහ පෞද්ගලික ආයතනවල පැයක කාලයක් පරිසරය පිරිසිදු කළ යුතු බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

Leave a Reply

Your email address will not be published.