චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු අත්අඩංගුවට

චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු අද (27) දහවල් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් මෙම දුම්වැටි තොගය චීනයෙන් මිලදී ගෙන මැලේසියාව වෙත පැමිණ එතැන් සිට මෙරටට පැමිණ ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 සහ 32 අතර පසුවන ව්‍යාපාරිකයින් තිදෙනෙකි.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු තුළ සඟවා තිබූ චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි 47,000ක් අඩංගු දුම්වැටි කාටූන් 235ක් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විධිමත් රේගු පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව අදාළ දුම්වැටි රාජසන්තක කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම සැකකරුවන් තිදෙනාට රුපියල් 175,000ක දඩ මුදලක් ගෙවීමටද නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *