ගෝල්ෆේස් ප්‍රහාරයෙන් ජන අයිතීන් උල්ලංඝනය වූ බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දෙයි

ඊයේ (21) රාත්‍රියේ දී ගාලුමුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ එම ප්‍රහාරය මිලේච්ඡ හා නින්දිත ප්‍රහාරයක් ලෙස දකින අතර එය හෙළා දකින බවයි.
මෙහිදී ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වූ බව එම නිවේදනයේ දැක්වෙනවා.
මෙම ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් වහාම හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුම්දී ඇත්තේ.
නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් මෙතැන් සිට කටයුතු කිරීම වැදගත් බව ද එම නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published.