යූ.එන් ලෝක ආහාර ප්‍රධානියා මෙරට සංචාරයකට පැමිණීමට නියමිතයි

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලේ හමු වී තිබෙනවා.

වොෂින්ටන් හි දී පැවති මෙම හමුවේ දී ඔහු මෙරට සිදු කිරීමට නියමිත සංචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.

මෙම හමුවේ දී ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලේ ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහට සුබපැතුම් ද එක්කර තිබෙනවා.

මෙම ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයක් අනුවයි.

පොහොර සහ කෘෂිකාර්මික යෙදවුම් මෙන්ම ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ කරුණු පිළිබඳව ද අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලේ අතර පැවති හමුවේදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published.