ජාතික ඉන්ධන අවසර පත ගත් පිරිස ලක්ෂ 30 පනී

ජාතික ඉන්ධන අවසර පත ඊයේ (21) උදෑසන 9 වන විට 3,044,779ක පිරිසක් ලබා ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසීය.

පසුගිය 16 දා මේ අවසර පත දීම ආරම්භ කළේය.

ජංගම දුරකතනය හෝ පරිගණකය භාවිත කර http://fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස යතුරු පැදියේ හෝ වාහනයේ තොරතුරු දී මේ අවසර පත හෙවත් QR කේතය ගත හැකිය.

පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීමට උත්සාහ කරන අනවසර වෙබ් අඩවි පිළිබඳ පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙස ද සෑම විටම නිල වෙබ් අඩවියට පිවිස තම ඉන්ධන අවසර පත ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published.