පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට ජනපතිගෙන් තීරණයක්

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අභිනව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (21) පැවති පක්ෂ නායකයන්ගේ රැස්වී‍මේදීත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ද වාර්තා වේ. නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වීමෙන් පසුව ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව යළි ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් මෙලෙස වාරාවසාන කිරීමට නියමිත වේ.

මාස දෙකක උපරිමයකට යටත්ව පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට පවතින අතර එවිට දැනට පවතින උපදේශක කාරක සභා හා කාරක සභා ආදිය අහෝසි වීම සිදු වේ. ඒ අනුව නව සැසි වාරය ආරම්භ කිරීමෙන් පසු උපදේශක කාරක සභා හා තේරීම් කාරක සභා නැවත පත් කළ යුතුය.

ඒ අනුව පැය 24ක කාල සීමාවක් වෙනුවෙන් මෙලෙස වාරාවසාන කර නව සැසි වාරය ආරම්භ කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.