පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ෂහීන් ෂා අෆ්රිඩිට ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය අහිමිවී තිබේ.
දෙරට අතර දෙවෙනි ටෙස්ට් තරගය ජූලි 24 වනදා සිට 28 වනදා දක්වා ගාල්ලේදී පැවැත්වීමට නියමිතය.
කෙසේවෙතත් ෂහීන් අෆ්රිඩි සිය වෛද්‍ය කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ ටෙස්ට් කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ රැඳීසිටින බව වාර්තා වෙයි.