ජනපති ලේකම් කාර්යාලයේ අරගලකරුවන්ට එරෙහිව පොලිසිය උසාවි යයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින අරගලකරුවන් අධිකරණ නියෝගයක් ගෙන ඉවත් කිරීමට පොලිසියේ අවධානය යොමු වී තිබේ.

අරගලකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත්වන ලෙස ඉකුත් 18 දා පොලිසිය අවසන් වරට දැනුම් දුන් බවත් ඔවුන් ඊට ඇහුම්කන් නොදී තවදුරටත් රැඳී සිටින බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අරගලකරුවන් රැඳී සිටීම හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දෛනික සේවා කටයුතු අඩපණ වී ඇතැයි ද එම නිලධාරියා කීය. මේ තත්ත්වය මත අධිකරණයට කරුණු වාර්තා කර ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින පිරිස් ඉවත් කිරීමට පියවර ගැනීමට සිදු වනු ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.