තවත් පෙට්‍රල් සහ දැවි තෙල් රැගත් නෞකා දෙකක් දිවයිනට

දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකා දෙකක් ඊයේ (ජූලි 21) මෙරටට පැමිණ තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.

ඒ අනුව, අදාළ ඉන්ධන ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගොඩබෑමේ කටයුතු ආරම්භ කර බව ඔහු එහි සඳහන් කර තිබේ.

මෙම ඉන්ධන තොගයට අයත් දැවි තෙල් තොගය බලශක්ති උත්පාදන කටයුතුවලට හා කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිත ය.

එමෙන් ම, අදාළ ට්විටර් පණිවිඩයේ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඉන්ධන ලබා ගැනීම සඳහා වන අංක තහඩු ක්‍රමය සහ කෝටා ක්‍රමය බලාත්මකව පවතින බවත්, ජාතික ඉන්ධන බලපත්‍රය වෙනුවෙන් වන QR කේත පරීක්ෂාව සහ ලියාපදිංචිය දිගට ම සිදු කරමින් පවතින බවත් ය.

Leave a Reply

Your email address will not be published.