සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත තෙල්

රට පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධන හල්වලට මේ වන විට ඉන්ධන ලැබෙමින් පවතින බව පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පැවසීය.

ඔහු සඳහන් කළේ, රජය විසින් ලබා දෙනු ලැබ ඇති නිර්ණායක මත ඒ ඒ වාහන අංකයේ අවසන් අංකයට හිමි දිනය මත ඉන්ධන නිකුත් කරන බව ය.

එසේ ම, ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා සඳහන් කළේ, ඉන්ධන බෙදා හැරීම සඳහා බවුසර් 200ක් පමණ ඊයේ (ජූලි 21) දින යෙද වූ බව ය.

ඊයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් තොග පර්යන්තවලින් නිකුත් කිරීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published.