රටේ සියලු පාර්ශ්වයන්ට එකඟ වියහැකි නව වැඩපිළිවෙලක් යටතේ පවතින අර්බුදය විසඳීමට පියවරගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ගෑස් සහ ඉන්ධන වැනි දෛනික අවශ්‍යතා මත පදනම් වු අර්බුද විසඳීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
නව ධුරයට පත්වීමෙන් අනතුරු ඇල්ලේ ගුණවංශ හිමි බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.