විදෙස් සංචිත ඉහළ දැමීමට පාකිස්තානය මිත්‍ර රටවලින් ඩොලර් බිලියන 4ක් ඉල්ලයි

අතිශය බරපතළ ලෙස වේගයෙන් ඉහළ නගින උද්ධමනය හමුවේ පීඩාවට පත්ව සිටින පාකිස්තානය විදෙස් සංචිත පරතරය පියවා ගැනීමට මිත්‍ර රටවලින් අමෙරිකා ඩොලර් බිලියන 4ක් බලාපොරොත්තුවෙන් පසු වන බව එරට මුදල් ඇමැති මිෆ්තා ඉස්මයිල් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සඳහා යළි සාකච්ඡා පණ ගැන්වීමට සමත් වීමෙන් පසු රටේ ආර්ථිකය ගොඩ ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයිද පාකිස්තාන මුදල් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඊයේ වන විට එරට වාර්ෂික උද්ධමනය 45%කින් ඉහළ ගොස් තිබූ අතර, එය මෙතෙක් එරට දක්නට ලැබුණු වඩාත්ම දරුණු උද්ධමනය බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. පාකිස්තාන සංඛ්‍යාලේඛන කාර්යංශයට අනුව එරට උද්ධමනය 33.12% දක්වා ඉහළ ගොස් ඇත.

කල් දැමූ ඉන්ධන ගෙවීමක් සඳහා මිත්‍ර රටකින් ඩොලර් බිලියන 1.2ක් ලැබීමට නියමිත බවත්, තවත් මිත්‍ර රටක් පාකිස්තානයේ ඩොලර් බිලියන 1.5 සිට 2 දක්වා ප්‍රමාණයකින් ආයෝජන සිදු කිරීමට එකඟතාව පළ කර ඇති බවත් මුදල් ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.