සිඩ්නි මැක්ලගින්ගෙන් කඩුලු මතින් දිවීමේ ලෝක වාර්තාවක්

මීටර් 400 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව යළිත් අළුත් කිරීමට අමෙරිකාවේ සිඩ්නි මැක්ලගින් සමත්වේ. 

අමෙරිකාවේ ඔරිගන් හීදි පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලි‍යේදී ඇය මෙම වාර්තාව පිහිටුවීමට සමත්විය.  

සිඩ්නි මැක්ලගින් ඉසව්ව නිම කළේ තත්පර 50.68ක කාලයක් වාර්තා කරමින්ය. සිඩ්නි මැක්ලගින්  බිඳහෙළුවේ මීට මාස කිහිපයකට ඇය විසින්ම තබා තිබූ  තත්පර 51.41 කාලයකින් පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි.

 එහි දෙවැනි ස්ථානය නෙදර්ලන්තයේ ෆෙම්කේ බෝල් දිනාගත් අතර තෙවැනි ස්ථානය අමෙරිකාවේ ඩලීලා ‍මොහොමඩ්ට හිමිවිය.   

සිඩ්නි මැක්ලගින් 22 හැවිරිදි වියෙහි පසුවේ.

Leave a Reply

Your email address will not be published.