අරගලකරුවන්ට විහාරමහාදේවිය දෙන්න ජනපති තීරණය කරයි

‘ගෝහෝම්රනිල්’ තේමා කර ගනිමින් ගාලු මුව‍ෙදාර පිටියේ අරගලයේ නියුතු විරෝධතාකරුවන්ට තම අරගලය අඛණ්ඩව පවත්වාගෙන යාමට කොළඹ 7 පිහිටි විහාරමහාදේවි උද්‍යානයේ පැත්තක් වෙන්කර දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජූලි 21 පැවති පක්ෂ නායක රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසීය.

පාර්ලිමේන්තුව පැය 24 කාලයකට කල් තබා වාර අවසාන කිරීමට අපේක්ෂා කරන්නේ යැයි ද ජනාධිපතිවරයා එහිදී පැවසු බව ගනේෂන් මහතා සදහන් කළේ ය.

එසේ ම, නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් තම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ එදිනට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළ බව ද හෙතෙම කීය.

තව ද යහපාලන ආණ්ඩුව සමයේ සම්මත කරනු ලැබු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කරන බව ත් එමෙන් ම ආණ්ඩුවේ හා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇතුළත්ව ක්‍රියාකාරි කමිටු පත් කිරීමට කටයුතු කරන බව ත් පක්ෂ නායකයන් හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

Leave a Reply

Your email address will not be published.