ගනේමුල්ල ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ඝාතනය කෙරේ

ගනේමුල්ල – පහළ යාගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට මුගුරකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (22) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 67 ක් වන කාන්තාවක්.

Leave a Reply

Your email address will not be published.