ගෝල්ෆේස් මෙහෙයුම ගැන හිටපු ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තර සහයෝගය දැඩි ලෙස අපේක්ෂාවෙන් සිටින මොහොතකදී ගෝල්ෆේස් අරගලයේ නිරත පිරිස් වෙත පීඩාකාරී මර්දනයක් දියත් කිරීම කිසි ලෙසකත් අනුමත නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති.
මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, 2015 සිට 2019 දක්වා තමන් ජනපති ධුරයෙන් නික්ම ගිය දවස තෙක් අරගල මර්දනය සඳහා ත්‍රිවිධ හමුදාව කිසිලෙසක යොදා නොගත් බවයි.
අරගලකරුවන් සමඟ ඔවුන් එකඟවන පිරිසක් සාකච්ඡාවට යොදවා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පදනම සුරක්ෂිත කිරීම ඉතා අවශ්‍ය බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ගාලු මුවදොර සිදුවීම සම්බන්ධයෙන් මෙරට සිටින විදෙස් තානාපතිවරු ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේද දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. ට්විටර් සටහනක් තබමින් මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය පවසන්නේ, ගාලු මුවදොර අරගලකරුවන්ට එරෙහිව මධ්‍යම රාත්‍රියේ ගත් ක්‍රියාමාර්ගය පිළිබඳ දැඩි කනස්සල්ලට පත්වන බවයි.
සංයමයෙන් කටයුතු කරන ලෙසත් වහාම තුවාල කරුවන්ට වෛද්‍ය ආධාර ලබාදෙන ලෙසත් බලධාරීන්ට අවධාරණය කරන බව එහි වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published.