අනිද්දා පාර්ලිමේන්තුව කැඳවන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්

අනිද්දා (25) පාර්ලිමේන්තුව කැඳවන ලෙස සමගි ජනබලවේගය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඊයේ (22) අලුයම ජනාධිපති ලේකම් කාර්යාලය අසළ සිදු වූ සිදුවීම් සහ රටේ වත්මන් තත්වය පිළිබඳව එහිදී විවාදයක් ලබාදෙන ලෙසටයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
සමගි ජනබලවේගය නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසිනුයි අදාළ ඉල්ලීම අග්‍රාමාත්‍යවරයාගෙන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.