මන්කි ෆොක්ස් හෙවත් වඳුණු උණ වැළඳුණු කුඩා දරුවෙකු ඇමරිකාවෙන් හඳුනාගෙන තිබෙනවා.
කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි මෙම කුඩා දරුවාට දින කිහිපයක සිට උණ වැළඳීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි වඳුරු උණ ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.
මේ වනවිට නිවසේ ප්‍රතිකාර ගනිමින් සිටින මෙම කුඩා දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ඇමරිකාවේ ද මීට පෙර මෙම වෛරසය ආසාදනය වූවන් හඳුනාගත්ත ද කුඩා දරුවෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් පළමු අවස්ථාව මෙය වනවා.
මේ වසරේ රටවල් 60 ක මෙම වඳුරු උණ වෛරසය ව්‍යාප්ත වී ඇති අතර, ඉන් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 14,000 කට ආසන්නයි.
මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වැළඳී අප්‍රිකාවේ පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
2022-07-23