දුම්රිය ස්ථානාධිපතිවරු සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වෙති

අද (ජූලි 23) පස්වරු 6.00 සිට සියලු ම දුම්රිය ස්ථානවල සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, දුම්රිය ගාස්තු සංශෝධනයේ පවතින අඩුපාඩු නිවැරදි නොකිරීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතුව බව ය.

ඒ අනුව, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැය 48ක කාලයක් ක්‍රියාත්මක කරන බව ත් සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම්, එතැන් සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා යොමුවෙන බව ත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරට ත් එහි සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published.