නැවතත් ප්‍රහාරයක අවදානමක් ඇතැයි අරගලකරුවන් කියයි

නැවතත් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බව ගාලු මුවදොර අරගලකරුවන් අද (24) මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජීවන්ත පීරිස් පියතුමා සඳහන් කළේ,

මොකද්ද මේ නීතිය සාමය රකිනවා කියන්නේ. නිරායුධ අරගලකරුවන්ට එහෙම ගහන්න පුළුවන්ද?.. තිරිසං විදිහට. නැවතත් ප්‍රහාරයක් අද හෝ හෙට දෙන්න යනවා කියලා කියනවා. මේ අපිටද ගහන්නේ. එතකොට මේ ප්‍රශ්නය නිර්මාණය කරපු අය.

අරගලය අද 107 වන දිනටත් ක්‍රියාත්මක වන අතර අරගලකරුවන් තවමත් ගාලු මුවදොර උද්ඝෝෂණ භූමිය තුළ රැඳීසිටී.

මේ අතර අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ගය විය යුත්තේ, වත්මන් ජනාධිපතිවරයා ද පළවා හැර අග්‍රාමාත්‍යවරයාව එම ධුරයට ගෙන ඒම නොව, මහ මැතිවරණයක් හරහා නව ගමනක් ඇති කිරීම බව සමාජවාදී තරුණ සංගමය පවසයි.

සමාජවාදී තරුණ සංගමයේ නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා,

මේ පහරදීම කළේ තමන් වැඩ්ඩෙක් කියන්න.අරගලකරුවන් කියලා කියන්නේ ආණ්ඩුව කියන තැනකදී විරෝධතාවය පෙන්වන්නන් නෙවෙයි.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා,

ඉන්න තැනක් නැති නිසා යාචකයින් නිදාගෙන හිටියා. රාජ්‍ය මර්දනය පටන් ගත්තේ යාචකයින්ට පහරදීලා. අරගලය කියන්නේ නැවතත් රනිල් එලවලා දිනේෂ් ජනපති කිරීම නෙවෙයි. අලුත් 225ක් සමග නව ගමනක් අවශ්‍යය.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට සිදුව ඇති අලාභ හානි නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේය.

Leave a Reply

Your email address will not be published.