මත්ද්‍රව්‍ය සමග යුවළක් පොලිස් අත්අඩංගුවට

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (23) රාත්‍රියේදී අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් හොරෙයින් මත්කුඩු තොගයක් සමගය.

අඹුසැමි යුවළ විසින් සිය අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී හෙරොයින් පැකට් කරමින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ නිරතවී ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් 35 සහ 37 යන වයස්වල පසුවන යුවළක් බවද පොලීසිය පැවසීය.

අදාළ සැකකරු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කම්කරු සේවකයෙකි.

මත්කුඩු පැකට් කිරීම සඳහා යොදාගන්නා උපාංග කිහිපයක් සහ මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදලින් රුපියල් 41,000ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ දී අඹුසැමි යුවළ නිවස තුළ මත්කුඩු පැකට් කරමින් සිටි බවත් පොලීසිය පවසයි.

සැකකාර අඹුසැමි යුවළගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණ වී ඇත්තේ, මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මර්වින් ජානා නමැත්තාගේ අනියම් බිරිඳ බවට පැවසෙන රුසියාවේ පදිංචි දිලිනි නමැත්තිය ට මෙම මත්කුඩු තොගය අයිති බවය.

සැකකාර අඹුසැමි යුවළ වසර කිහිපයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.

එම මත්කුඩු පැකට් ගල්කිස්ස, පිළියන්දල,  මොරටුව, පානදුර ආදී ප්‍රදේශවලට බෙදාහැර ඇති බවද සැකකරුවන් පවසා ඇත.

ෆේස්බුක් ලාංඡනය” සහිත කුඩා ප්‍රමාණයේ මුද්දර සහිත කඩදාසි මෙම මත්කුඩු පැකට් කිරීම සඳහා ඔවුන් යොදාගෙන ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

Leave a Reply

Your email address will not be published.