යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට මතක් කිරීමක්

පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරාගැනීමෙන් පසුව ගතවන මේ කාලය තුළ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම සහ පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන බව මෙරට යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2017දී යළි සක්‍රිය කරන ලද GSP+ සහනය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා වැදගත් සාධකයක් වන අතර, එහි රෙගුලාසිවලට අනුව නව රජය කටයුතු කරනු ඇතැයි යුරෝපා සංගමය අපේක්ෂා කරන බවද නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්කරගැනීම සඳහා මෙරට ජනතාව වෙනුවෙන් ඉදිරියේදීත් සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බවද යුරෝපා සංගම් නිවේදනයේ සඳහන්ය.

මේ අතර මර්දනකාරී පියවර හමුවේ GSP+ බදු සහනය මෙරටට අහිමි වුවහොත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඊට වගකිවයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවැති සාකච්ඡාවකදීය.

Leave a Reply

Your email address will not be published.