ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය පාස්පෝට් ?

ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ ජාවාරමට සම්බන්ධ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පොලිස් සහ විදේශ ගමන් බලපත්‍ර නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 41 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ශ්‍රී ලාංකිකයින්ට විදේශ ගතවීම සඳහා ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර ලබාගන්නා බවට ලැබුණු තොරතුරකට අනුව තමිල්නාඩු “කියු බ්‍රාන්ච්” පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් 2019 වර්ෂයේදී නඩුවක් ද ගොනුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව. පොලිස් නිලධාරීන් 05 දෙනෙකු, විදේශ ගමන් බලපත්‍ර නිලධාරීන් 14 දෙනෙකු, තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් 02 දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 41 දෙනෙකු මෙම ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අතර ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින් සිව්දෙනෙකු සහ සංචාරක නියෝජිතයින් 11 දෙනෙකු වන බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.