දකුණේ දින 5ක් සෙසු පළාත්වල දින 3ක් – අද සිට පාසල් යළිත් විවෘතයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (25) සිට නැවත ආරම්භ වේ.

ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වෙන අතර, බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක‍්‍රියාකාරකම් දීම හෝ මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය දී ඇති උපදෙස් පරිදි මෙම කටයුතු කෙරේ.

මේ අතර, දකුණු පළාත් සභාව යටතේ පාලනය වන සියලුම පාසල් අද (25) සිට සතියේ දින පහම පැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසීය.

ප්‍රවාහන අපහසුතා පවතින ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල ඒ පිළිබඳ විදුහල්පතිවරුන් දැනුම්වත් කළ යුතු බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.