පොදු රද මඬුලු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකා ධජය ඉන්දික අතට

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ සමාරම්භක අවස්ථාවේ ශ්‍රී ලංකා ධජය රැගෙන යෑමේ අවස්ථාව බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායකට හිමි වෙයි. මේ ක්‍රීඩා උලෙළට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඉන්දික දිසානායක පසුගිය ග්ලාස්ගෝව් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී බර ඉසිලීමෙන් රිදී පදක්කමක් දිනා කීර්තියක් අත් කර දුන් ක්‍රීඩකයෙකි.

තායිලන්තයේදී පැවති ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 73 බර පන්තියේ නව ශ්‍රී ලංකා වාර්තා තුනක් පිහිටුවීමට ඉන්දික දිසානායක සමත් වූ අතර, මේ වසරේ සිංගප්පූරුවේදී පැවති ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදීමට ඉන්දික දිසානායක සමත් විය. තවත් දින තුනකින් එංගලන්තයේ බර්මින්හැම්හිදී ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් 161ක කණ්ඩායමක් සහභාගී වන අතර, ක්‍රීඩා 14ක් නියෝජනය කරයි. මේ පිරිසට ක්‍රීඩකයන් 50ක් හා ක්‍රීඩිකාවන් 60ක් ඇතුළත් වන අතර, කළමනාකරුවන්, පුහුණුකරුවන් හා භෞත චිකිත්සකයන් ඇතුළු නිලධාරීහු 35ක් සමඟ සහාය කාර්ය මණ්ඩලයේ 16ක් එක් වෙති.

Leave a Reply

Your email address will not be published.