QR ක්‍රමවේදය කල්යයි

ඉන්ධන බලපත්‍ර ක්‍රමය හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමේ කටයුතු අද (25) දිනයේ දීත් තෝරාගත් ඉන්ධනහල් කිහිපයක පමණක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

අද දිනයේ සිට මෙම ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි.

කෙසේවෙතත් දැනට පවතින තත්ත්වය යටතේ අද දිනයේ දීත් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කළේය.

මෙය දිවයින පුරා ක්‍රියාත්මක කිරිම සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බවද එම ආයතනය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායාතනයේ අධ්‍යක්ෂ දසුන් හෑගොඩ මහතා

මේ නියමු ව්‍යාපෘතියක් ලෙස අදියර කිහිපයකින් දිවයින පුරා ව්‍යාප්ත කිරීමට තමා අපේ අරමුණ තියෙන්නේ. එතකොට නියමු ව්‍යාපෘතියේ තෝරාගත් ස්ථාන කිහිපයක ක්‍රියාත්මක කරලා සාර්ථක වෙලා තියෙනවා. කොළඹ අවට ප්‍රදේශ කිහිපයකම අපි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරා. ඊට අමතරව දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පිරවුම්හල් 25ක අපි නියමු ව්‍යාපෘතිය සිදුකරා. මෙයින් ලැබෙන ප්‍රතිචාර පද්ධතිය වෙත ඇතුළු කරගෙන ඉදිරි දින කිහිපයේ දී මේ පද්ධතිය විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published.