අගෝස්තු 1 වනදා සිට ගෑස් අඛණ්ඩව

දෙසැම්බර් මස 31 වනදා වනවිට රට තුළ පවතින ගෑස් පෝලිම් අවසන් කිරීමට හැකිවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ වනවිට ගෑස් හිඟය මඟ හැරවීමට ගත හැකි සියලුම උත්සාහයන් රජය විසින් ගෙන ඇති බව ද පැවසු අමාත්‍යවරයා, ඒ අනුව අගෝස්තු මස 1 වනදා සිට කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබාගැනීමට හැකි බව ලිට්‍රෝ සමාගම දැනුම්දී ඇතැයි ද පැවසීය.

ගෑස් හිඟය නිසා ගෘහණියන්, අම්මාවරුන් විශාල පීඩාවකට පත්වුණා එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු කරගෙන යෑමටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යෑමටත්. මේ වනවිට රජය ඉතාම දැඩි ආර්ථික අර්බුදයක් හා අසීරුකමක් මැද්දේ මේ සඳහා නිරන්තරයෙන් අඛණ්ඩව රැස්වෙලා රජයක් ලෙස ගත හැකි සියලුම උත්සාහයන් දරලා, ගෑස් හිඟය මේ වසරේ දෙසැම්බර් 31 වනවිට අවසන් කිරීම සඳහා අවශ්‍ය පියවර ලිට්‍රෝ සමාගම විසින් අරන් තියෙනවා. ඒ අනුව ගෑස් පෝලිම් නැතුව ගෑස් ලබාගැනීමට අගෝස්තු 1 වනදා සිට කිසිදු හිඟතාවයක් ඇති නොවන බව කැබිනට් මණ්ඩලයට වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published.